Feb 13, 2012

Fiverr, PayPal, eMoney සහ තවත් ලට්ට පට්ට | බෝතලය #3



කුප්පියක් දාන අස්සේ ඔන්න ආයෙත්  බෝතලයක්ම අරගෙන ආවා. හෆ්ෆා මේ දවස්වල හරියට වැඩ. හ්ම්....හ් අමතර කාරනානම් නෑ. ඒ නිසා කුප්පි වලට බහින්නම්.

PayPal කුප්පිය 

පේපැල් මුදල් පස්ස දොරෙන් ලංකාවට කියලා Plimus ගැන ලිපි පෙලක් ලීවා මතක ඇති. ඒත් දැන් වැඩේ අල වෙලා. දැන් එයාලාගේ පේමන්ට් ක්‍රම වෙනස් කරලා. පහල මැසේජ් එක බලන්න,

 

 මෙයාලා කියලා තියෙන්නේ පෙපැල් වලින් ලැබෙන මුදල කෙලින්ම අපේ පෙපැල් එකටම බැරකරනවා. එයාලා මැදිහත් වෙන්නේ නෑ කියලා. 

මේක කරන ආකාරය මෙයාලා පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා

http://home.plimus.com/ecommerce/learning-center/sellers/settings/paypal-settings

දැන් ඉතින් දුක තමයි. මගින් ආයේ පෙපැල් මුදල් චෙක්කු බවට පත් කරන්න බෑ. මේ සදහා අපිට ඕනේ නම් Fastspring යොදාගන්න පුලුවනි. කැමතිනම් කරලා බලන්න.

ඒ වගේම පෙපැල් මුදල් ලංකාවට ගෙන්වාගන්න තව ක්‍රමයක් Raba කියලා යාලුවෙක් යෝජනා කලා, එයාගේ කොමෙන්ට් එක මං පහලින් උපුටලා දක්වන්නම්.

"පේපැල් වලින් සල්ලි ගෙන්න ගන්න ගැටී උඹ කීවනේ වෙන වෙන වෙබ් පිටුවකට සල්ලි මාරු කරල (fastspting neda nama)..
හැබැයි මචන් ඔය අතරමැදි වෙබ් පිටුව වෙනුවට අපි අපේ විස්වාසවන්ත oDesk පිටුව බවිත කලොත්.
ඒ කියන්නේ මමම ජොබ් එකක් පොස්ට් කරලා මමම එක කරනවා ( අකවුට් 2 කින් ). හැබැයි ලොකු ගානක් කැපෙනවා.
හැබැයි මට හිතෙන්නේ ඒ ගාන ආයෝජනයක් කර ගන්න පුළුවන්.
1. උඹේ work history එක උඹ කැමති විදිහට හදා ගන්න පුළුවන්.
උඹේ ෆීඩ්බැක් එක, ස්කෝර් එක කැමති විදිහට අයිසින් දාල සැරසිලි කරලා හද ගන්න පුළුවන්, දකින ඕනේ කෙනෙක්ගේ ඇස් උඩ යන විදිහට. වාසිය තේරෙනවනේ. ;-)

2. ඔය ලොකු ලොකු පොරවල් ඔය වැඩේ හරියට කරන්නේ කොහොමද කියල බල ගත්ත හැකි.
මචන් උඹ නොර්මල් විදිහට ජොබ් පොස්ට් එකක් දැම්මොත්, ඕකට වෙන උනුත් apply කරනවනේ. ඔය ලොකු ලොකු සුද්දෝ ඇත්තටම cover letter එක ලියන්නේ කොමද, උන් ඉන්ටවීව් එකට කොමද මූණ දෙන්නේ කියල උඹට බල ගන්න පුළුවන්. wasiya therenawane ;-)

apita oDesk eka hoda anaagathayak hadaganna puluwan.

මේක හරියන්නේ පුළුවන් එකක්ද කියල පොඩ්ඩක් හොයල බලන්න."

 පෙපැල් ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. බොහෝමයක් අය  microworkers (MW) එකේ වැඩ කරනවා නොවැ. ඉතින් අන්න ඒ අයට මේක සුභ ආරන්චියක් වේවි. ඒක තමයි ඇලට්පේ එකට ලැබෙන මුදල් පෙපැල් එකට මාරු කරන ක්‍රමයක් chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුනා.

එයාගේ කථාව කියන්න ඉස්සර වෙලා ඇලට්පේ සහ පෙපැල් මුදල් මාරු කරන්න මම ඉස්සර භාවිතා කරපු ක්‍රමය කියන්නම්. ඒ ක්‍රමය මෙහෙමයි. හැබැයි අපි මාරු කරනා ගානෙන් 20%ක් ගෝනි බිල්ලෝ කනවා. gigbucks (GB) ගැන දන්නවානොවැ. ඉතින් මේ GB ඉස්සර පෙපැල් සහ ඇලට්පේ කියන Payment Method දෙකටම සහාය දැක්වූවා. ඒ නිසා ඉස්සර මං කලේ මෙහෙමයි,

GB-1 = පලමු ගිග්බක්ස් ගිනුම
GB-2 = දෙවන ගිග්බක්ස් ගිනුම

1. GB එකේ වෙනස් IP නම්බර දෙකකින් ගිනුම් දෙකක් හදනවා. එකම කොම්පීතරෙන් වුනාට කමක් නෑ. ඒත් එකම අවස්තාවේ දෙකටම ලොග් වෙන්නේ නෑ.

2. එක GB-1 ගිනුමෙන් ගෙවනවා අනිත් GB-2 ගිනුමේ ගිග් එකකට.

3. අපි හිතමුකෝ ඇලට්පේ එකෙන් ගෙවීම් කරනවා කියලා. ඔන්න ඊට පස්සේ Gig Deliver කරලා හොද ෆීඩ් බැක් එකකුත් අපිම දමා ගන්නවා. දවස් හතකින් අර ලැබුන මුදල GB-2 ගිනුමේ ක්ලියර් වෙනවානොවැ. ඊට පස්සේ ඒක පෙපැල් එකට withdraw කරනවා.

ඇලට්පේ එකෙන් වියදම්කලා ඒ වියදම් කල මුදලෙන් 80%ක් පෙපැල් එකට ඇවිල්ලා (20% ක් ගාස්තුව ලෙස GB කපාගන්නා නිසා). මේක දැන් යල් පැනගිය, දත් හැලුනු, නාකි, ගොන් ක්‍රමයක්. ඒ වගේම වාසනාවකට හෝ අවාසනාවකට දැන් GB ඇලට්පේ සපෝට් කරන්නෙත් නෑ.

මේකත් එක්කම කියන්නම් මනිබූකස් සහ ඇලට්පේ අතර මුදල් මාරු කරන ක්‍රමයක් ගැන.  මේකේනම් මුදල් නාස්තියක් වෙන්නේ නැති තරම්. වැඩිම වුනොත් 2%ක් විතර නාස්ති වෙයි. Microworkers (MW) තමයි මේකට සහය වෙන සගයා. මේකනම් ලේසියි පහසුයි.  එක පේමන්ට් ක්‍රමයකින් Deposit කලා, වෙනත් පේමන්ට් ක්‍රමයකට Withdraw කලා.

ඒ කියන්නේ මේකයි. අපිට පුලුවනිනේ MW එකේ ජොබ් පෝස්ට් කරන්න. ජොබ් පෝස්ට් කරන්න සල්ලි ඕනේ. සල්ලි ඉස්සරෝම  Deposit කරන්න ඕනේ.  ඒ Deposit කරපු මුදල් එසැනින් අපේ MW ගිනුමට වැටෙනවා. ඒ මුදල් අපේ ගිනුමේ තියෙන සම්පූර්න මුදලත් එක්ක එකතුවෙනවා (හම්බ කරපු මුදල් + Deposit කරපු මුදල්). අන්තිමේට ඒ මුලු මුදලම අපිට Withdraw  කරන්න පුලුවනි.

උදාහරනයක් විදියට ඇලට්පේ මුදල් $10 ක් මනිබුකස් එකට දාගන්න ඕනේ කියලා හිතමු,

Deposit කරන්නේ මෙහෙමයි
 

Withdraw කරන්නේ මෙහෙමයි



මං දන්නවා මේවා කරන පිරිස බොහොම අඩුයි. ඔක්කෝටම වඩා බයයි. ගෙදරට, ගමට, ඉක්කෝලෙටනම් චන්ඩි. ඒ වුනාට ගූ බයයි මුදල් ගනු දෙනුවක් කරන්න. කරන නොකරන එක පැත්තක තියලා, මෙන්න ක්‍රමේ කොරනවානම්. හැබැයි අර Plimus වගේ එකත් පහුවදාට මේක වහලාදායිද දන්නේ නෑ. මොකද ලංකාවේ ඈයෝ වැඩකට බැස්සොත් එතන හාලා, සීසාලා වප්මගුලත් කරලාමනේ එන්නේ. මොකද ඉතින් මේක කෘෂිකාර්මික රටක් නොවැ. :P

chanakawe@gmail.com කියන යාලුවා එවලා තිබුන. Alertpay --> Paypal මුදල් හුවමාරු ක්‍රමයත් මේ MW එක වගේමයි. මම මේ MW ක්‍රමය ගැන කියලා දුන්නේ මේකත් ඒ වගේමයි කියලා කියන්න ඕනේ නිසා. එකම වෙනස මේ සදහා අපි භාවිතා කරන්නේ joblay.com කියන වෙබ් අඩවිය. මේ ක්‍රමය ඉතාම කෙටියෙන් තමයි කීවේ. කැමතිනම් පොඩ්ඩක් මොලේ කල්පනාකරලා ටැස් කොරලා බලන්න.


ඇලට්පේ ගැන කියනකොට තවත් සතු‍ටුදායක කාරනාවක් තියෙනවා කියන්න. ඔයාලාට පුලුවනි ඉස්සරහට ඇලට්පේ මුදල් ලංකාවේ ATM වලින් රුපියල් කරන්න.

Introducing Alertpay VISA Card
 

(බයවෙන්න එපා ආසියාවේ අශ්චර්යයත් ඇතුලත් වෙලා තියෙන්නේ. මං අර කලින් කිව්වේ, වවාගෙන කන රට!! :P )

මේ වීසා කාඩ් එකට මුලින් වැයවෙන්නේ $20ක්. ඊට පස්සේ අපිට පුලුවනි ඇලට්පේ එකේ තියෙන මුදල් කාඩ් එක හරහා ලංකාවේ ඕනෙම VISA ලකුන තියෙන ATM එකකින් එලියට ගන්න.

මට මේ ඇලට්පේ කාඩ් කතාව මුලින්ම යාලුවෙක් ඊමේල් එකකින් එව්වේ, ඒ ධම්මික මැදගම කියන යාලුවායි.

Fiverr කුප්පිය

 ලිපියක් ලියනකොට ‍ෆිවර් ගැනනම් නොකියාම බෑ. "ඔබද ලක්ෂපති මමද ලක්ෂපති" කියන නමින් ඉස්සරෝම දාපු ‍ෆිවර් කුප්පිය පටන් ගත්තා මතක ඇති. දැන් කියන්න යන්නේ මමයි ලක්ෂපති කියලා.  මොකද ‍ෆිවර් වල වැඩ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා මමනම් දැනට ‍ෆිවර් ගිනුම් 10කට වැඩි ප්‍රමානයක් ආං බාං කලා. වෙන වෙනම ඒ ‍ෆිවර් ගිනුම් සියල්ලේම screenshot එක බැගින් මං මෙතන දාලා තියෙනවා. කැමතිනම් ගිහින් බලන්න.

ඔක්කොම එකවුන්ට් වල එකතුව $1000 කට වඩා එනවා. දක්ෂයෙකුට ‍ෆිවර් කියන්නේ ඉෂ්ඨ දෙවියෙක් වගේ කෙනෙක්. තවත් මේ ලිපිය කියවන කෙනෙක් ඉන්නවානම් ‍ෆිවර් එකේ වැඩ කරන්නෙ නැති, එයාට මං මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නෑ. 

හැමෝම හොයන්නේ මෝඩ ලේසි ක්‍රම. ඒවාට තව නමකුත් දාගන්නවා "රහස් ක්‍රම" කියලා. හොයන්නේම  ලේසි වැඩ. චුට්ටක් මහන්සිවෙලා $4ක් හොයනවාට වඩා කැමතියි එක ක්ලික් එකක් දාලා හම්බෙන $0.001 ගන්න. අනේ මංදා ඉතින්. කවුරුත් දන්නවානේ දැන් දැන් පොඩි මිනිහාට ජීවත් වෙන්න අමාරුයි. අධිවේගී මාර්ග හැදුවාට ඒවායේ යන්න මිනිස්සු කාලා ඇදලා කෙලින් ඉන්න එපායෑ. 

මං මේ ආන්ඩුවට බනිනවාවත් සංවර්ධනේ නරකයි කියනවාවත් නෙවෙයි. මගේ අදහසනම් අනුන්ගේ රෙස්පට් වලට, බලපුලුවන්කාරකම් වලට අත්පුඩි ගහ ගහා ඉන්නේ නැතිව තමන්ට මොනවා හරි කර ගන්න බලන්න ඕනේ කියලා.  මේ ලිපිය කියවන ඔයා තාමත් ඉගෙනගන්න වයසේ පසුවෙන කෙනෙක්නම් කොහොම හරි හොදට ඉගෙනගෙන, කාලා ඇදලා ඉන්න ඕනේ නම් විද්‍යා විශයක් ‍තෝරාගෙන උසස් පෙල කරලා අඩුම තරමේ SSS ක් වත් දාගෙන. හොද රස්සාවක් අල්ලාගන්න. ඒ සියල්ල කරන අතරේ මෙන්න තියෙනවා අමතර ආදායම් ලබන ක්‍රම. ඇත්තටම අපි කොච්චර වෙහෙසෙනවා කීවත් කොම්පීතරේ වෙනුවෙන් අපි කරන්නේ ඇගිලි ටික හොල්ලන එක විතරනේ.  ඉතින් ඇගිලි හොල්ලලා සල්ලි ගොඩක් හොයන්න තියන අති සාර්ථකම ක්‍රමය ‍ෆිවර් විතරයි.

 අපි හිතමුකෝ පෙපැල් සල්ලි ගෙන්නාගන්න හරිහමන් විදියක් ඇත්තේම නෑ කියලා. එතකොට පුලුවනි ඒ මුදල් වලින් වටිනා යමක් ගෙන්නලා අපිට මෙහේ විකුනන්න. ලාභ තිබුනත් නැතත් අපිට වියදම් වූ පෙපැල් මුදල රුපියල් ලෙස ලංකාවෙන් ලැබෙනවානම් එච්චරයිනේ. මේ කීවේ මට හිතෙන හැටි විතරයි. ඔයාගේ අදහස මීට හාත්පසින්ම වෙනස් වෙන්න පුලුවනි. 

 හරි අපි ආයේ කුප්පියට බහිමු,  2012 වසරේ ‍ෆිවර්හි ආපු අලුත්ම දේ තමයි fiverr levels. ඉතින් මේ අලුත් දේ ගැනත් මට තේරෙන හැටියට පොඩ්ඩක් ලියන්න හිතුවා. fiverr levels කියන්නේ ගිග් වැඩි ප්‍රමානයක් විකුනනකොට ඒ විකුනන ප්‍රමානය අනුව අපිට ලැබෙන පදක්කමක් වගේ දෙයක්. පොලීසියේ තනතුරු පදක්කම් හා උසස්වීම වලින් මනිනවා වගේ. ‍ෆිවර් වෙලෙන්දාගේ දක්ෂකම මේ fiverr levels වලින් විදහා දක්වනවා. මේක සිංහලෙන් රූපයකින් පැහැදිලි කරන්නම්.




මොනවද මේ Gig Extras
 

 සමහර ගිග් වල යටින් මෙන්න මේ වගේ අමතර දෙයක් තියෙනවා දැකලා ඇති.

 
 
Level එකකට උසස් වීම් ලැබූ ඕනෑම වෙලෙන්දෙකුට මේ අමතර සේවාව පවත්වාගෙන ගිහින් වැඩි ආදායමක් උපයාගන්න පුලුවනි.

Extras ගිග් එකකට දාන්නේ මෙහෙමයි. ගිග් එක හදනකොට පහලම තියෙනවා "Add Gig Extras" කියලා බොත්තමක්.

 
 
 අන්න ඒ බොත්තම ඔබලා අපට ලැබෙන නව කො‍ටුවේ අපේ අමතර සේවාව සදහන් කල හැකියි. ඒ කො‍ටුවේ සදහන් කරන්නේ I will කියන මුල් වචන දෙකට ගැලපෙන විදියටයි හොදේ.



‍ෆිවර් එකේ වැඩ කරගෙන යනකොට මං දැක්කා බොහොම උත්සාහවන්ත ලංකාවේ කොල්ලෙක්.  ඒ වගේම හැමෝම නටන නාඩගම් වලට වඩා වෙනස් නාඩගමක් මෙයා නටනවා. හැමදාම අලුත් දෙයක් කරන මිනිස්සු දියුනුවෙනවා. මෙතන මේ ‍ෆිවර් ගිනුමේ අයිතිකාරයා ඉන්නවාද කියලානම් මං දන්නේ නෑ. ඒත් එළ භාන්ඩ ටිකක් හයර් කරලා තියෙනවා වගේ පේනවා.  සිරාවටම කියනවානම් මේ ‍ෆිවර් වීඩියෝ දැක්කාම මට ඇද අස්සේ රිංගන්න හිතෙනවා, ලැජ්ජාවේ පන යනවා. http://fiverr.com/asokarox
 

Featured වෙන්නේ කොහොමද?
 
 
 
Featured කියන ලාංඡනය දාපු ගිග් ඕන තරම් දැකලා ඇති. ඉතින් මේ Featured වෙන්නේ කොහොමද කියලා කියන්න හිතුවා. Featured  වුනාම අපේ ගිග් එක ‍ෆිවර් අඩවියේ මුල් පි‍ටුවල දිස්වෙනවා. එතකොට අපිට වෙළාදාම ජයටම කරගෙන හොද ආදායමක් ලබාගන්න පුලුවන්. මේ ලාංඡනය ලබාගන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා.

1. යම්කිසි විශය ක්ෂේත්‍රයකට ව්ශේෂ දක්ශකම් දැක්වීම
2. තමා විකුනන හැකියාව අන් අය ලග දුලභ වීම (එකම සේවාව ලබාදෙන ගිග් ප්‍රමානය අඩුවීම)

ඉතින් මෙන්න මේ කරුනු කාරනා දෙක නිවරදිව සම්පූර්ණ කරගත්තොත් ඕනෙම කෙනෙකුට Featured ලාංඡනයක් ගන්න පුලුවන්.  හැබැයි ඒ ලාංඡනය බොහොව විට හම්බෙන්නේ එක් විශයකට අදාලව එක්කෙනෙකුට විතරයි. උදාහරනයක් කීවොත් ඉහත eBook Cover නිර්මානය කරන කෙනාට විතරයි. තවත් eBook Cover නිර්මානය කරන අය කොච්චර හිටියත් එයාල මෙයට වඩා දක්ශ වුනත් නැතත් ආයේ වෙන කාටවත් හම්බෙන්නේ නෑ. මේකට ටිකක් වාසනාවත් බලපානවා.


ගිහින් එන්නම්,
ඔබට ජය!

47 comments:

කල්ප said...

එල !!!!!!!!!!!

CJMAX said...

Mata eka Order ekak aawa.eeta passe aawema na.Honda aleviyak thiyenne mona gigs walatada kiyala kiyanna puluwan da ?

Thawa gigs hadanna Ideas tikakuth denna

thx

CJMAX said...

Machan,
Menna meekata kohoma hari answer ekak denna.ara REQUEST GIGS kiyala place eke thiyena ekakin mama Contact karala ekak gatta.. but meya mata kiyala wedee karawagena pay kale na.Boruwata wedee expected widiyata na kiyala kiwwa.mama karapu work eka Send kale Outside the Fiverr. Anika eyaa Order kale na.mama hithuwa wede dunnata passe payments karai kiyala... eeth une na....

REQUEST GIGIS gena saha meee problem eka gena poddak discuss karanna.

Anonymous said...

ane machan kiyahanko ekama address ekata moneybooker verify karanna puluwanda?? wena widihak kiyanna nethnam

asz mad said...

කොල්ලනේ asokarox කියලා fiverr එකේ ඉන්නෙ මම තමයි.මම එක මාසෙට $300 ක් හෙව්වා.අපිත් ගොඩ ගියෙ iplus නිසා තමයි.මම ඇඩ්සෙන්ස් එකවුන්ට් 2ක් කලා.ඒත් ඇඩ්සෙන්ස් වල පෝස්ට් දාගෙන දගලනවාට වැඩිය ෆිවර්ර් 200% ක් ලේසියි.......... හැබැයි මට හිතෙන විදිහට ඇඩ්සෙන්ස් ස්ථිර ආදායම් මාර්ගයක්,කවුරුත් ඇඩ් කිලික් කලේ නැතත් අපිට බුකියේ ක්ලිකර් profile එකක් හදාගෙන ක්ලික් ශෙයර් කරගෙන හරි නැත්තම් Microworkers එකේ ජොබ් දාලා හරි ක්ලික් ගන්න පුලුවන්නේ.ක්ලික් කරපු ගමන් සල්ලි Sure නේ.හැබැයි ඉතින් Fiverr වල ඕඩර් එකක් ආවොත් විතරයි නේ සල්ලි.මගෙ අදහස නම් කෙටි කාලිනව සල්ලි හොයන්න ඕනෙනම් fiverr ගැන කතා කරලා වැඩක් නැහැ.හැබැයි ඉතින් තව එකක් කියන්න හැම එකාම කරන Social marketing උනත් කලාට කමක් නැහැ,හැබයි ඉතින් හොදට කපටි නොවී නම් බැහැ.. සුද්දන්ට ලොකු එක දීලා නම් උන්ගෙන් ගාන ගලවන්න බැහැ. උන්ට 2 කට නැමිලා ටෝක් එක දෙන්න ඕනෙ.මම නම් එහෙමයි. :P

Anonymous said...

asokarox : Maru gig ne denne

Maal Asanka said...

එල..... ජය සහෝ...

romiyo said...

elaz

RLT4U said...

සහෝ !! මම සති 3කට fiverr එකේ $1500 වඩා හෙව්වා !! හැබැයි මම 24/7 වැඩ කරා මහන්සි උනා !! දැන් ඒවගේ ප්‍රථිපල තියෙනවා !! මම දැනට 100,000.00/= වඩා HNB බැංකුවට ගත්තා !! හැබැයි ඇත්තම කියනවා නම් මේක දැන ගත්තේ i plus ගෙන නම් නෙවෙයි !!ඒ මගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන් twotone කියලා !! හැබැයි එයා දැන ගෙන තියෙන්නේ i plus ගෙන්..එහෙම බලනකොට මමත් දැනගෙන තියෙන්නේ වක්‍රව i plus ගෙන් !!
ජය හැමෝටම !!

iPlus said...

@ කල්ප ;
අදහස් දැක්වූවට ස්තූතියි

@ CJMAX ;
මමනම් විකුනන්නේ ගැ‍ෆික් ඩිසයින්. යාලුවාට ඒක පුලුවන්ද බැරිද කියන්න මං දන්නේ නෑ. http://fiverr.com/categories/recent/order/latest/pages/1
උඩ ලින්ක් එකට ගියාම අපිට බලන්න පුලුවනි, වෙලෙන්දෝ අලුතින් දාන ගිග් මොනවාද කියලා. ඔයාටත් පුලුවනි ඒකෙන් අදහසක් ගන්න.


REQUEST GIGS වල මැසේජ් බොක්ස් එකෙන් අපි එයාට කියන්නේ "මට ඔයා බලාපොරොත්තුවෙන දේ නිවරදිව කරලා දෙන්න පුලුවන්, කරුනාකර ඕඩර් එකක් තියන්න කියලා" . එහෙම නැතිව අපි බූරුවෝ වගේ මොකක්ද කරන්න ඕනේ අහලා, ඕඩර් කරන්නේ නැතිව වැඩ කරලා දෙන්නේ නෑ. ඉස්සරෝම සල්ලි සාක්කුවට දාගන්න, පස්සේ වැඩේ කරලා දෙන්න. උගෙන් දැන් බලෙන් සල්ලි ගන්නයැ දෙන්නේ නැත්නම්. අතෑරලා දාන්න තමයි වෙන්නේ මචෝ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on February 14, 2012 12:31 AM ;
තව ගිනුමක් හදන්න යාලුවා. නම චුට්ටක් වෙනස් කරලා දාන්න. වාසගමත් එක්ක නම ඉස්සරලා දැම්මානම්, දැන් වාසගම නැතිව දාන්න. ගෙදර නම්බරෙත් එක්ක ඉස්සරලා ඇඩ්‍රස් එක දැම්මානම් දැන් ඒක නැතිව ඇඩ්‍රස් එක දාන්න. සියලුම තොරතුරු මේ විදියට වෙනස් කරලා දාන්න. එතකොට වැඩේ ගොඩ.

@ asz mad ;
උත්සාහවන්තයා ජයගනී. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on February 14, 2012 1:10 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Maal Asanka ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Romiyo;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ RLT4U ;
අදහස් දැක්වූවට ස්තූතියි මචෝ!

Aoo 3D said...

වෙනදා වගේම අලුත් ඩ්දෙයක් ඉගන ගත්තා. මගේ account එකෙත් දැනට $100ක් ව්තර තියෙනවා. එත් මටත් තියෙන ප්‍රශ්නය තමයි මේ මුදල් ලංකාවට ගෙන්න ගන්න බැරි විම. මේ සදහා ඔබකියලා තිබුන ක්‍රම වලින් plimus ක්‍රමය අත්හදා බලන්නයි හිටියේ එත් දැන් ඒකත් අලවෙලා. මම මේ සල්ලිවලින් buyincoins වලින් බඩු ටිකක් ගෙන්න ගන්න බලනවා. ඒත් BIC එකේ කොලිටි බඩු හිගයි.
මොනව උනත් සහෝ මේ දැනුම අපි අතරේ බෙදා දෙන එක ගැන සන්තොසයි. දැන් බලන් යන කොට සහෝ නිසා කිදෙනෙක් නම් බඩවියත ‍රැක ගන්නවද....

CJMAX said...

@iplus
Thanks.den ithin giya dee giya.. aparaade karanna deyak na, ee langa eewatawath ehema karanna ooni...

2.NEED ANSWER FOR THIS
eka account ekakata gigs 20y neda hadanna denne? oya kiwwa ne oya accounts 1 kata wada haduwa kiyala.. ethakota lankaawata salli genna gannakota Okkoma Accounts walata dunna paypal ID eka ekamada ? OR HNB accounts wena wenama open karala wena wenama Paypal accounts haduwada eee eee Fiverr accounts walata ?

thax

Anonymous said...

මචෝ මන් උඹේ ගොඩක් දේවල් ඉගෙනගත්ත් උඹට ගොඩක් පින් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ !
මගේ පලවෙනි oder එක දාපු සුද්ද ලොකු වැඩක් දුන්න උට ගිග 6ක් ගන්න ඕනෙලු එහෙම option එකක් (oder multiple) මගේ ගිග එකේ පෙන්නනේ නෑනේ මොකද කරන්නේ ? HELP!

Anonymous said...

Thank you machan. mage nama nemei kalin thibune. number eka demme nethi unama aulak weida?? MB question eka

Anonymous said...

මචන් මම දැනට 50 ක් විතර හෙව්වා. මේ ඔක්කොම හම්බවුනේ ඔයාගෙ උදව්වෙන තමයි. දින 2ට එක විතර ලැබෙනවා.

ඔබ මෙම කරන සේවයට ඔබට වැඩිවැඩියෙන් ගිග්ස් ලැබේවායි මම පාර්ථනා කරනවා

Anonymous said...

මචන් මම දැනට 50 ක් විතර හෙව්වා. මේ ඔක්කොම හම්බවුනේ ඔයාගෙ උදව්වෙන තමයි. දින 2ට එක විතර ලැබෙනවා.

ඔබ මෙම කරන සේවයට ඔබට වැඩිවැඩියෙන් ගිග්ස් ලැබේවායි මම පාර්ථනා කරනවා

Dulan said...

Fastspring magin paypal mudal lankawata genna ganna hati kiyanna puluwanda?

Anonymous said...

paypal මුදල් ගෙනවගන්න අලුත් විදියක්.

මේක මම පරික්ෂාකරලනම් නෑ. ad 1k දැකලා තමයි දැනගත්තේ මෙයාලගේ දුරකථන අංකයකුත් දමලා තියෙනවා.0777681434

www.mbslanka.info

හැබැයි මේකේ විශවාසවන්තබව කොහොමද ද්න්නේ නැ

Anonymous said...

mage palaweni gig deka ad sell wuna. umbata bohoma pin. ummmaaaaaaaaaaaa.

Dulan said...

Fastspring magin paypal mudal lankawata genna ganna hati kiyanna puluwanda?

bensoskin said...

machan odesk haraha salli gana eka kisima awulak wenne ne....mam mage salli serama gaththe odesk haraha.....paypal eke $100 ta $89k gana puluwan MB ekata...dawas 3,4k wage yai salli enna....

DEAD said...

mama dekka oya asokarox kiyala kenek fiverr eke.. CREATIVE.. but ekama deewal mee dekema thiyenawa. Or else asokarox ge account mada ? wena kawuru harida?

http://fiverr.com/asokarox
http://fiverr.com/jenirox

1 acc in SL other acc in US.mehema kaloth langadima lankaawa ban karanna ida thiyenawa///

Mokada gig patterna eka same...

To Asoka ROX - Machan ube gigs wala oya suddo illana dewal un passe internet eke daanawa.. ooni deyak karala salli hamba karanna kalin ee ganath hithanna....

Dulan said...

Fastspring magin paypal mudal lankawata genna ganna hati kiyanna puluwanda?

Anonymous said...

@ Dulan...
යකෝ එකම ප්‍රශ්නේ කිපවිටක්ම අහන්නේ බොට පිස්සුද?

තරිදු - ඇසූ පිරූ තැන් said...

ඇත්තටම ඔඩෙස්ක් එකවුන්ට් 2ක් හදල අර යාලුව කව්ව විදියට මම දාපු ජොබ් එක මමම කරල සල්ලි මනිබුකර්ස් වලින් ගෙන්න ගන්න බැරිද යාලුවා...?
10% යි නෙ කැපෙන්නේ..

Anonymous said...

http://fiverr.com/asokarox
http://fiverr.com/jenirox

yako moda harakek wage wada karanna epa !!
balapan thoge gig 2kama same..
mehema giyoth aniwa lankawa ban wenwa..moda wada nokara US gig eka remove karapan.. puluwan nam SL ekath remove karapan mokada uba oita wada hodai suddata pu*e arinna dunna nam..

machan poddak hithanna !! modayek wage wada karanna epa..
me irisiyawata newei kiyanne harida..

thx..

Tharanga Darshana Ekanayaka said...

Thanks.....

යකෝ එකම ප්‍රශ්නේ කිපවිටක්ම අහන්නේ බොට පිස්සුද? said...

Fastspring magin paypal mudal lankawata genna ganna hati kiyanna puluwanda?

SLGuy said...

Machan iPlus,

I request your reply ASAP,

1.Ei Lankaawe paypal walin money receive karanna denne naththe ? Namuth Moneybookers walin receive karanna denne ?

2.Ei Hungak sites Money Withdraw karanna Paypal ma use karanne ? Moneybookers use nokaranne ?

3.Apita barida fiverr walata mail ekak daala request karanna money withdraw karanna Moneybookers add karanna kiyala ?

4.Mama paypal eka contact karala ahuwa ei lankawata withdraw karanna denne naththe kiyala un kiyanawa "Sri lanka's Monetory Regulations lu" ehenam Moneybookers eeka karanne kohomada ?

Reply please.........

SLGuy said...

Mama IPLUSBLOG eka kiyawana hemagen ma illa sitinawa FIVERR ekata mail ekak daala illanna Payment Withdrawal option ekak widiyata "MONEYBOOKERS" add karanna kiyala.. machan la un ehema request karanakota eewa add karanawa.

Methanin Illanna..
---------------------
http://fiverr.zendesk.com/access/unauthenticated?return_to=http%3A%2F%2Ffiverr.zendesk.com%2Fhome

Max Computer said...

CAN YOU HELP ME DEAR????
MAX

Anonymous said...

asokarox = jenirox

මේ Account 2කෙන් 1ක් remove කරන්ඩ. නෑත්තන් GIGs වෙනස් කරන්ඩ.
එකම Video එක account 2කටම දාන්ඩත් එපා!!!

Lanka ව ban උනොත් උම්බ වග කියපන්!!!

Anonymous said...

Iplus mata moneybooker ekata answer eka urgent.

Anonymous said...

machn ebay eka ara badu ganna wiswasama site ekak denawada?? paypal accept karana ekak wenna ona. lcd monitor ekek wage ganna. lcd ekek lankawata gennadi tax kiyak witara weida macn

www.mydomainlk.info said...

ko ban aluth post

Malyaaya said...

Ammo.... Matath mekanam hodai wage

Niroshan S Perera said...

yaluwane............................... mama paypal eken HNB debit Card Ekata $200 k Withdraw Keruwa 2012-02-15 Dina. 2012-03-03 Dina A mudal HNB ekata Awith tibuna. RS.23478/= k wenna awith tibuna. Account 1 malaysia. mama wenath Systems Use kale ne. derect paypal eken debit card ekatama withdrow kala. Udaw Onanam: Infoniroshan@gmail.com

Anonymous said...

mama ebay walin badu aran wikunana eka karanne. paypal $ mata deela exchange karaganna kamathi aya ennawanam kiyanna. mama bank ekata salli danawa . eka api degollotama wasi. paypal eka limit wenneth na withdraw aduwen kereddi.reply me imalkavishvajith@gmail.com

Sanath J fernando said...

Pay $250 Paypal -- Receive $225 Moneybooker,A P, L R Instant http://moneybookerforpaypal.blogspot.com/

sherithma said...

macho..mama fiverr patao arao 2 weeks wenawa.but, awe 1 gig ekai.hebai mama anik gig dapu ewunge,title copy kala.aekada boo mata wedaa enne nette.......?????????????????????
(//////////////uba hoda manussayek//////////////)

earnzinchona said...

ඔයා පෙන්නපු ෆයිවර් පාරෙ ගිහින් මාත් 95,000/= ක් පේපෑල් එකට ගත්තා.ගොඩාක් පිං.ඔයා මේ කරන සේවය අපි ඉතා ඉහලින් අගය කරනවා.

වෙරිෆයි නොකරපු පේපැල් අකවුන්ට් එකකින් MW වලට ඩිපොසිට් කරන්න පුලුවන්ද?
ඇලර්ට්පේ හරි මනීබුකර්ස් වලින් හරි ලංකාවට සල්ලි ගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තියද?

Anonymous said...

@ earnzinchona

yaluva mata kiyanna puluvandha monawage devalda fiverr eke vadipura vikunanna puluvan. mata graphic designing gana nam hakiyavak na. danna kenek innavanam mail karanna pls.
mykrish1@gmail.com

Anonymous said...

aluth post nodammoth balaaganna puluwan karana de...

PTC said...

Great iplus. tnx

යාලුවනේ දන්නවද CloudCrowd ගැන.
මේකත් සල්ලි හොයන්න මරු. කඩ්ඩ ටිකක් තියෙන්න ඕනේ. අද වැඩ කලානම් හෙට වෙද්දී $ 1 උනත් Paypal account එකට එවනවා.
මේ link 1 න් ගිහින් account 1 ක් open කරලා වැඩ කරලා බලන්නකෝ.
https://www.cloudcrowd.com/i/ovz7xd
තව විස්තර ඕන නම් මේ ලින්ක් 1 න් බලන්න.
http://clickingearnings.blogspot.com/2012/05/cloudcrowd-1.html

Anonymous said...

vimasuma blog eka wada karanne na.Oyala blog eka kaagena yna friendwa adunanawanam eyata danwanna,A blog eka godak wadagath ekak,mata thawa kiyawala iwara karanna bari una...

kottegoda veranga said...

නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව ‍
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යා‍ව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යා‍ව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies

යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org
0779371035

වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com

Vihaga Nuwan said...

Free Forex Signals Ganna patta blog ekak set una
Oni aya demo trade dala balapalla...
salli tikak thiyenam emoney godayanna hodama de Forex..
srifxsignal.blogspot.com
onna blog eka wedak ganilla...
thanks admin.

Post a Comment

 
Powered by Blogger