Feb 16, 2011

oDesk ගැන වැඩිදුර යමක් | eMoney කුප්පිය #3

මෙහෙම ලිපියක් මම ලියන්නනම් හිතාගෙන හිටියේ නෑ. ඒත් ලියන්න වුනා. ඒකට එක හේතුවක් තමයි කොච්චර කොව්වා කීවත් oDesk අසාර්ථක අය ගොඩක් සිටීම. තව හේතුවක් තියෙනවා. ඒක අන්තිමේට කියන්නම්. මම oDesk ගැන දන්න හැමදේම කලින් ලිපිවලින් ලීවා. ඒත් මගහැරුන පොඩි පොඩි කාරණා එකතු කරලා මේ ලිපිය ලියන්නයි හදන්නේ. මේ ලිපිය Q & A විදියට ලියන්නම්. එතකොට ඔබේ ගැටලුවටත් ඉක්මන් උත්තරයක් ලැබේවී.

රස්සාවක් ඉක්මනට හොයාගන්නේ කොහොමද?
 
 උදාහරනෙකින් කියන්නම්. මේක බ්ලොග් ලියන අය නම් දන්නවා. අපි අලුතින් ලිපියක් ලියලා දවසක් විතර යනකන් අපේ බ්ලොග් දිහා බලාගෙන ඉන්නවා නේද? ඒ මුකුත් නෙවේ, page views වැඩිවෙලාද? කොමෙන්ට් දාලාද? ලිපිය හොදයිද? කියලා නේද? ඒ වගේම තමයි ජොබ් එක oDesk එකට ලබාදෙන කෙනත්, එයාගේ ජොබ් එක පෝස්ට් කරලා දින දෙක තුනක් යනකන් ටච් එකේ ඉන්නවා. ඒ දින දෙක ඇතුලත තමාගේ හිතට අල්ලන කොලුවෙක් හම්බුනොත් රස්සාව ඌට දීලා දානවා.
ඒ නිසා අපි හැමවෙලේම ඉල්ලුම් කරන්න ඕනේ අලුත් ජොබ් වලට, ජොබ් එකක් සර්ච් කරනකොට "Newest Jobs First"යන්න ‍තෝරන්න.
 

මං ඇරෙන්න තව කීදෙනෙක් ඉල්ලුම් කරලදැයි බලන්නේ කොහොමද?
 
 
 
අපි කැමති රස්සාව සර්ච් කරලා. ඒ ලින්ක් එකෙන් ගියාම, Job Description එකේ මේ සියලුම තොරතුරු අඩංගු වෙනවා.  නිල් පාටින් වර්ණ ගන්වා ඇති කොටස බලන්න. . මේකේ හැටියටනම් 358ක් ඉල්ලුම් කරලා. ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.98 )යන්නෙන් කියන්නේ, ඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවටනම් ඉල්ලුම් කරලා වැඩක් නෑ. 358ක් එක්ක $5කටනේ ෆයිට් එක. "Interviewing:" කියන්නේ කීදෙනෙක් ongoing ඉන්නවාද කියන එක.  ඒ කියන්නේ වළ පයයි, ගොඩ පයයි තියාන ඉන්න ගාන. රස්සාව දෙන්න කලින් අයිතිකාරයා මේ අය හොදයිද කියලා ටෙස්ට් කරනවා.  ඒ වගේම වරහන් ඇතුලේ (avg $4.01 )යන්නෙන් කියන්නේ, applicantsලා ඉල්ලූ ගාස්තුවල මධ්‍යන අගය. මේ රස්සාවට ඉල්ලුම් කරනවානම් ඔය avg එකට ටිකක් අඩුවෙන් ගාන දාන්න. 

Job Description  එකේ තියෙන අනෙකුත් තොරතුරු මොනවාද?

 
FeedBack Score: මේක අපි කලින් ‍රැකියා සාර්තකව කරලා, නිමකරලා තියෙනවානම් ‍රැකියාව ලබාදෙන්නා විසින් ලබාදෙන සහතික පත්‍රයක් වගේ. මේක වැඩිවුනොත් පට ගාලා ‍රැකියාව හම්බෙනවා.
Hourly Rate: පැයකට අපවිසින් අය කරන මුදල
Test Passed: පාස් වී ඇති විභාග ගනන
English Level: ඉන්ගිරීසි දැනුම. (අපි Profile එක පුරවනකොට 4යි කියලා දැම්මේ)
oDesk Hours: වැය කල හැකි පැය ගනන

මේ ‍රැකියාවට ඉල්ලුම් කරනවානම් මේ අවශ්‍යතා සියල්ල සපුරා තියෙන්න ඕනේ.

ඉල්ලුම් කරන හැම ‍රැකියාවම Declined වෙනවනේ?
 
මේක ඉතින් හැමෝටම පොදු දෙයක්. ඔහොම තමයි. වැටි වැටී නැගිටින්න ඕනේ. ‍රැකියා 10කට ඉල්ලුම් කලොත් 1 හෝ 2ක් පමනක් තමයි ලැබෙන්නේ. සමහර වෙලාවට එකක්වත් නෑ.
 

දැන් කියන්න යන්නේ මං මේ ලිපිය ලියන්න දෙවන හේතුව, දෙවන හේතුව කොමෙන්ට් එකක්. පට්ට කොමෙන්ට් එකක්. පට්ටම පට්ට කොමෙන්ට් එකක්. මගේ බ්ලොග් එකට මෙතෙක් කල් ලැබුන හොදම කොමෙන්ට් එක,
මේ කොමෙන්ට් එක anonymous කොමෙන්ට් එකක්. පස්සේ කීවා එයාට "තරුන මහතා" කියලා ආමන්ත්‍රනය කරන්න කියලා, නමනම් බොහොම කැතයි තමයි. නම කොච්චර කැත වුනත් උගේ හිත හොදයි. කියවීමේ පහසුවට මේ කොමෙන්ට් එක මං මෙතන උපුටලා දක්වන්නම්;
 
February 9, 2011 1:08 PM
Anonymous said...
මල්ලි ඔයගෙ මේ ලිපි ටික නම් මාරයි. ඔයා මෙ කරපු දේට පින් ඇතිවෙන්න ලැබෙන්න ඕනි, දැන් අපිට මාසෙකට අමතර ගානක් හොයගන්න විදියක් කියල දුන්නට.

ඔයගෙ මෙ ලිපියට තවත් ටිකක් එකතු කරන්න හිතුනා, කියවන අනිත් අයගේ දැනගැනීම පිනිස.
1.) මෙක පටන් ගන්නනම් හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනි, නැත්නම් සුද්ද ව අන්දන එක ලේසි නැහැ. (TEXT Chat කරන එක ලේසි උනාට Vedio chat කරන්නත් වෙනවා).

2.) මුලදිම ලොකු ගනන් වල වැඩ තෝර ගන්න එපා $ 5-10 වගෙ දෙන ඒව තෝර ගන්න. ( Fixed jobs)

3.) ඉන්දියන්, පිලිපීන් කාරයො තමයි Odesk එකෙ වැඩියෙන් ම ඉන්නෙ එයාල බොහොම අඩු ගානට වැඩ කරනව (හැබැයි Quality එක නම් එච්චර හරි නැහැ කියල Feedback Comments කියවල බැලුවහම තේරෙනවා, එ වගෙම උන් අඩු ගනන් දීල වැඩි වැඩ කරව ගන්නත් බලනව.)

4.) පුලුවන් තරම් සුද්දොන් ගෙ ජොබ් ම හොයන්න. උන්ට හිතට හරි ගියොත් හොඳට ගෙවනව.

5.) හොඳ Profile එකක් හදා ගන්න. Per Hour Rate එක මුලදි ලොකු ගනක් දාන්න එපා . අඩුම ගානකුත් දාන්න එපා. (AVG $ 2 - $3/hr)

6.) Odesk skill test කරන්න. (Ms Office, English etc )

7.) ජොබ් එකකට apply කරනකොට sample file එකක් අමුනල කරල දාන එක ගොඩක් හොඳයි.

a. MS Word formatting නම් තමන් format කරපු sample file එකක් attach කරන්න.
b. Excel Macro නම් තමන් කරපු Macro එකක් attach කරන්න.
c. එහෙම නැත්නම් එයා එවන Sample file එකෙන් 25% විතර කරල එක attach කරල යවන්න.

8.) තමන් බාරගත් වැඩේ හරියට කරන්න.( ලැබෙන ගාන ගැන හිතල එ වැඩේ නොසැලකිල්ලෙන් කරන්න එපා). හොඳ feedback එකක් (තරු 5) ගන්න පුලුවන් විදියට නිතරම වැඩ කරන්න. Employee -ve comment එකක් දැම්මොත් ඉතින් sorry තමා. එයාගෙ feedback එක අපිට පේන්නෙ අපි එයාට feedback දුන්නට පස්සෙ.

9.) සමහර වෙලාවට එයාල අපිව එක එක විදියට ටෙස්ට් කරනව. පුලුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්න (අපිව "Hire" නොකර MS word file formatting කරන්න කියනවා)

10.) ටික ටික experience අරගත්තහම වැඩේ කොහොමද කරන්නෙ කියල තේරෙනව එ වගේම demand කරන්න ඕනි කොයි වගෙ තැන්වලද කියලත් තෙරෙනව. අපි හැමතනම ජොබ් කරල experience තිබ්බත් Odesk එකට අවහම ඒකේ කෝඩුකාරයෙක් නෙ ඒක නිසා ඒකෙත් ටික ටික experience හදාගන්න ඕනි . සල්ලි හොයන්න ඉවසිලි නැති උනොත් මේක කරන්න බැහැ. මුලදි ජොබ් එකක් හොයනව කියන්නෙ හරිම අමාරු වැඩක්.ජොබ් වලට Application දාලම එපා වෙනවා.
ඔය ටික මම ලීවෙ මම ලබපු අත්දැකීම් වලින්. ඔය ජොබ් එකක් හොයන්න වෙන අමරුව නේ ඊලග ප්‍රශ්නය අපි සල්ලි අතට ගෙන්න ගන්නෙ කොහොමද කියල.
1.) සල්ලි ලංකාවට ගෙන්වන ක්‍රම 2 ක් තියෙනව
a. Debit Card
b. Moneybookers - ලාබම ක්‍රමය, එයාල අපේ Bank එකක තියෙන Account (any type) එකෙකට දින 2 කින් විතර සල්ලි එවනව.

2.) මම ඔඩෙස්ක් එකෙන් හොයගත්තු සල්ලි ටික ලංකාවට ගෙන්න ගන්නකොට හීන වුනු ප්‍රමාණය පහළින් දක්වා ඇත.
a. $1 Odesk එක ගිල්ල ( for money transfer odesk to moneybookers)
b. $2.50 moneybookers ල කපාගන්නව ( for wire transfer to SL bank account)
c. රු 250 විතර ලංකාවෙ බැංකුවෙන් අරගන්නව

3.) මම මෙ ලීවෙ Commercial බැංකු වෙ තියෙන Account එකට සල්ලි එව්වොත් වෙන දේ.

4.) moneybookers ලට දෙන්නෙ swift code + ( Full bank account no)

5.) Swift code කියන්නෙ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන unique code එකක්. එක බැංකුවෙන් ඉල්ල ගන්න පුලුවන්.
උත්සහ කරල බලන්න ODESK ජය ගන්න පුලුවන්. 

TM said... මගෙ නම TM ( තරුණ මහතා ) කියල දාගන්න ,
අයෙ Comments ලියනකොට එක දාල ලියන්නම්.
තව එක දෙයක් ලියන්න අමතක උනා, මුලදිම Capcha type කරන්න නම් යන්න එපා Odesk එක එපා වෙනව, එ පොරවල් ගෙවන්නෙ 10000 ක්ම type කලොත් විතරයි නෙ, අනිත් එක රැ 11.00 විතර ඉඳල උදේ 5.00 විතර වෙනකම් වගෙ තමයි කරන්න පුලුවන් අනිත් වෙලාවට අම්බානෙට slow. අනිත් එක මොබිටෙල් වගෙ BB එකක් තිබ්බොත් බුදු ගානට මල තමා. 

කොමෙන්ට් එක ඕනේනම් කියවන්න oDesk-4 ලිපියටයි මේක ලැබුනේ.

 මෙහෙම කොමෙන්ට එකක් කවුරුත් දානවද? මං කොහොමද මේ කොලුවාට ස්තූති කරන්නේ. මට කියන්න වචන තියෙනවාද? අනේ මටනම් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්නේ කෑ පතේ රීලා යන මිනිස්සු. එහෙව් ගොඩේ මට මෙහෙම පුද්ගලයෙක් හම්බුනාමයි. බොහොම, බොහොම ස්තූතියි!

තරු බ්ලොග් සටහන බ්ලොග් එක ලියන කොලුවා oDesk ගැන ලිපි පෙලක් ලියන්න අරගෙන. 
එයාගේ ලිපි ටිකත් උවමනාවෙන් කියවන්න. එතකොට මගහැරුනු යම් හෝ දෙයක් තියෙනවානම් ඒකෙන් අහුවේවි. කොහොම, කොහොම හරි කවුරු කවුරුත් තැනකට එනවානම් මම බොහොම කැමතියි.

තව දෙයක්, Remote Upload මගින් මුදල් හොයන හැටි කුප්පිය #2 හි, Rapid share භාවිතා කරලා upload කරන්න බෑ. ඒකට හේතුව, එකේ හොට්ෆයිල් වල වගේ අන්තිමට ඩවුන්ලෝඩ් ලින්ක් එකෙක් නොදී, ඩවුන්ලෝඩ් මැනේජරයෙන්ම අවසාන ෆයිලය ඕපන් වීම. එතකොට අපට ඩවුන්ලෝඩ් ලින්ක් එක කොපි කරගන්න විදියක් නෑනේ. දන්න කෙනෙක් ඉන්නවනම් අපි හැමෝටම දැනගන්නත් එක්ක කියලා යන්න.

http://www.xml4free.co.cc/ මගේ ඉංග්‍රීසි බ්ලොක්කය ඇඩ්සෙන්ස් ගත්තා. මේකට කැතම කැත හොර වැඩ තමයි කලේ, $5 කුත් වියදම් වුනා. හැමෝටම ඇඩ්සෙන්ස් අරන් දෙන්නම්කෝ, ඒ ගැන මීලග ලිපියෙන් බලාපොරොත්තුවන්න. මං කියන්නේ ඇත්තමද කියලා ඔය බ්ලොග් එකට ගිහින් බලන්නකෝ. ඇත්තටම ඇඩ්සෙන්ස්ද කියලා ඇඩ් එකක් ක්ලික් කරලම බලන්න. එහෙනම් අපි කුප්පිය #4 න් නැවත හමුවෙමු.

32 comments:

Anonymous said...

oDesk wage thawath site thiyenawa, http://www.vworker.com/ meka godak hoda site ekak,

Irshad said...

oyage lipi nam patta sira. kolla mama adsense ganna try kara kara harigiyema nehe. menna mama karapu tricks kehipayak. me mama kiyana deval valin adsense ganna puluvan kiyala kastiya kiyanava eka boru,
indyarocks.com
flixya.com


thava boho site vala reg vela adsense ganna try kara karaamai, hm hm beheban ganna. mama (mama kivvata okkoma) balagena inne oya adsense gena liyanakan. oyage blog ekata adsense gatthane, apitath kiyapanko ban please.......

Anonymous said...

ඔයාගේ BLOG එක නමි නියමයි. මමත් දැන් ඔයාගේ BLOG වලට පින් ස්ද්ධ වෙන්න අන්තර්ජාලයෙන් මුදල් හොයනව. මම මෙ ටික නමි ලියන්නේ ඔයාල හැමෝටම කරන උදවිවක් විදියට. ඇඩි click කරනවට වඩා ඉක්මනින් මුදල් හොයන විදියක් මම දන්නව. මෙමගින් දිනකට $5 ක් විතර හොයන්න පුලුවන්. කරන්න තියෙන්නෙ අලුතින් Youtube , Gmail වැනි Accounts සකස් කර දීම දීම වගේ පොඩි පොඩි වැඩ. මෙයට Mini Jobs කිරීම කියල කියනවා. දැන්ම වැඩෙ පටන් ගන්න මෙම Site එකට hන්න.

http://www.minuteworkers.com/register.php?ref=tdmd126

මෙම Site එක සෑම විටම තම සාමජිකයන්ට ගෙවීම් කරලා තියෙනවා. මමත් කිහිප සැරයක්ම මෙකෙන් ලැබෙන මුදල් මාගේ Alertpay ගිණුමට Cashout කරා .ඔයාලත් ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් නිසැකවම සාර්ථක ප්රථිපල ලැබෙයි.

iplus said...

හැමෝටම ස්තූතියි!

Lakmal said...
This comment has been removed by the author.
Lakmal said...

ඔයාගෙ Blog එකේ ගොඩක් වැදගත් තොරතුරු තියනව.... මට පොඩි ප්‍රශ්නයක් තියනව. මාස ගානකට කලින් මම oDesk වල register උනා. ඒ දවස්වල try කරල කරල $1 Job එකක් සෙට් උනා. මම ටික දවසක් මේක අතෑරල දාල තිබුනෙ. ඔයාගෙ බ්ලොග් එක බලුවහම ආයෙත් පටන්ගන්න හිතුන. ඒත් දැන් ID Verification එකක් ඉල්ලනව. මගෙ ID එකේ මෙලෝ දෙයක් පේන්නෙ නෑ මැකිල. උන් ඒක reject කරනව. වෙන e-mail එකකින් account එකක් හදන්න දෙන්නෙත් නෑ. මට මගෙ account එක active කරගන්න ක්‍රමයක් තියනවද. පුලුවන්නම් reply කරන්න. emlakmal@gmail.com

Anonymous said...

Oyata Bohoma Thanks. Me wage wisthara labadenawata. Test eka goda. Oyata godak pin, me karana sewayata. Oyata thanks karanna "No Words". Eka nisa newathath "OYATA GODAK PIN"

hasanka said...

oyage blog 1 nam marai. thank u very much.mata podi problem 1k tiyenawa. mage odesk account 1ta payoneer debit card 1k genna gaththa.eka active karagaththa. but odesk wala payment method 1 status wala pennanne inactive kiyala.eka hadaganne kohomada? puluwannam reply karanna
hasankafrancis@gmail.com

iplus said...

@ Hasanka;

*යාලුවාගේ ගෙදරට Payneer කාඩ් එක ආපුවාම. ඒක Payneer Account එකට ලොග් වෙලා නිවරදිව Verify කරන්න. එතකොට Payneer Card Account එකේ Verified කියලා පෙන්නන්න ඕනේ.

*oDesk එකට ගියාම තාමත් Active කියලා පෙන්නන්නේ නැත්නම්, නැවතත් කාඩ් එක ඇතුලත්කරලා බලන්න.

*Payment Methods වලට කුමන Payment ක්‍රමයක් ඇතුලත් කලත් Active යන්න පෙන්වීමට දින කීපයක් ගතවෙනවා.

*අන්තිමට කියන්න තියෙන්නේ ඉවසපං කොලුවෝ ඉවසපං කියලා තමයි.

ඊ මේල් එකකුත් දාන්නම්කෝ.

Anonymous said...

machan ara hackrishz.tk kollage theme eka hoyala diyanko, kollanam kiyanne miniha haduwai kiyala. mata sure naha. uba wadakarayek nisa ubatanam puluwan wei. patta theme eka ban

Anonymous said...

ane pakayo tho danna tharama thamai. co.cc okkoma google baan karala thiyenne. gon thadiya

ගැරිජ් මල්ලී said...

නියම පෝස්ට් එක

srima said...

My dear son
You have done a good job. Many many thanks for that .I could solve the problems when trying to do odesk. Your guiding is excellent.

rinosha said...

post nam okkoma niyamai thama.eth mata nam hariyata allagannath ba vage.mama jobs valata apply karama my job applications eke eva vatenne nahane.so mata therennaha e jobs valata apply venavada kiyala.mata graphic designing puduma talent ekak thiyenne eth eken vada ganna thama dannaththe.ane pls mata therena vidihata reply ekak danna
fathimarinosha@yahoo.com

Anonymous said...

L92P
Thanks machan! Tharuna mahaththaya kiyala thibuna moneybooker wala mudal banku ginumata ganna puluwan kiyala.Mata danaganna ona lankawe onama bankuwaka ginumakin ganna puluwannda kiyala?Puluwan nam eganath
kiyala denna.

iPlus said...

@ Ano on October 2, 2011 10:20 PM;
යාලුවා එයා දාලා තියෙන්නේ ගූගල් විසින්ම දුන්න තීම් එකක් එඩිට් කරලා.
Design--> Template Designer--> Templates--> Picture Window Theme
මේ විදියට කරලා එක Background විතරක් වෙනස් කරන්න.

@ Ano on October 2, 2011 10:22 PM;
අදහස් දැක්වූවට ස්තූතියි hackrishz!

@ ගැරිජ් මල්ලී;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ srima ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ rinosha;
oDesk බල්ලට ගියාවේ. fiverr එකේ වැඩ කරපන්, ජීවිතේම ගොඩ.

@ L92P ;
ප්‍රසිද්ධ බැංකු සපෝට් කරනවා යලුවා.
අදහස් දැක්වූවට ස්තූතියි!

supun said...

oyage blogs nam niyamai.mama fiverr eketh vadak open kara.dan sathiyak vithara venava but mata thama eken eka message ekak vath ave nahane.eke gigs gana vadi venna vadi vennada msg ena sambavithava vadi venne.pls e ganath tikak kiyanavada.

Anonymous said...

Do simple mini jobs and earn money.Elite site.Minimum cash out $5. Visit http://adf.ly/4YJhe

Niroshan S Perera said...

IDM Eke Puluwan Link eka ganne. Udinma tiyenne link ekane

Mich9 said...

google knows it :-D

Anonymous said...

Godak watinawa godak sthuthi nodanna dewal godak danagatta

Anonymous said...

machan iplus...
mama ganata profile eka hadala job walata application damma machan. mata apu reply walata mama wada karanna gya machan.
bt aulak tyenawa.
samahara client lage payment method verify karalath naha. anith eka mawa hire karanna kalin wada karanna kyanawa.
dan mama mokada karanne machan?
mama oya wage eka seen ekaka wada kara karumeta wage payak.
tika welawak yanakota odesk eken job eka cancell kara machan.
un kyanawa eka illegal kyala.
mama client ta seen eka yauwa ugen rep naha. :(
dan ewaegema thawa ekakuth set wela tyenne machan mokada karanne mama?
plz puluwan ikmanata reply ekak dipan machan

Ishan said...

Shaaaaaaaaaaaaaaa niyamai bohoma pin danuma bedaagaththata wadi wadiyen labenna oni...........

Anonymous said...

macho apita balanna beriuna kuppi balanne kohomada blog ekanam patta

Anonymous said...

oyage blog nm patta thama,eth mata thama odesk eke apply krnwa jobs walata mata therenne na mokdda krnne kyla hariyatama mata kyla dennko.....
h.shalitha77@gmail.com

Anonymous said...

ඒ මචන් මම මේකට තාම අඩිය තිබ්බේ නෑ මට දැන ගන්න ඕනේ බන් 3dmax,aftereffects වලින් මොඩ්ල් කරන්න තමා මට පුළුවන්.....මේවට ජොබ්ස් නැද්ද බන් මේකේ හරි ෆිවර් හරි කරන්න......

Anonymous said...

man ada thamai E money gana hoyanna patan gaththe.try karala balanna aswak awa.Thanks.

Amal De Silva said...

Odesk hoda Site 1kak onema filed 1kakata hariyana jobs thiyanawa. habai ewa ganna puluwan wenne thaman ge hakiyawa anuwa. monawa karannath kalin Profile 1ka hodata hadanna oneee client ta apita job 1kak denna hithena widihata.

Odesk karana ayata thiyana prashne thamai Money Withdraw karaganna 1ka. Card 1ka use karaddi wiyadama wadi. ekata solution 1kak thiyanawanam kiyanna. plz

Sugith Kumanayake said...

Thanx a lot iPlus admin Bro & Tharuna Mahatha !!!

Anonymous said...

yaaluwa oyage blog ekata yanna be

Saman Jayawardhana said...

yaluwa oyage adsence blog ekata yanna beriooooooooo

Saman Jayawardhana said...

oyage blog ekata yanna be adsence dunna ekata

Post a Comment

 
Powered by Blogger